ක්‍රිෂ්ණ පැහැ හාදු

සරා සඳ මට කුමටද
 කළුවරයි මා පෙම්වත
 නිවා සරතැස අමා සුවදෙන
 නුබෙ හාදු වල හීතල
 ක්‍රිෂ්ණ පැහැ නුබේ වත මත
 සඳුන් පැහැ මගේ කොපුළත
 තබා තෙරපා ලියමු කවියක්
 විරිත නුබේ හද ගැස්මට
 අමාවක දා නුබ ලඟ
 උනා හැම සළු එකිනෙක
 කමා කරවා සියලු පව් නුබ
 හාදු වැසි වස්සන හැඩ
 නොමළ මල් මත නිතරම
 දැවටිලා එන මද නළ
 ලතාවක් ලෙස වෙළෙන්නට මට
 කියා දෙන හැටි හෙමිහිට

Comments

Popular Posts