වචන (2 කොටස)

මම දැනන් හිටියේම නැහැ ඇස් වලින් කතා කරන පිරිමි ගැන...කාලෙකට කලින් අහපු සින්දුවක එහෙම කතා කරන ගෑනු ගැන නම් අහලා තිබ්බා...ඒත් පුදුමයකට වගේ ඒ පිරිමි ළමයගේ ඇස් කතා කරනවා වගේ පේනවා..සමහර වෙලාවට මේක මායවක් වෙන්න ඇති කියලා මම ඇස් වහ ගත්තා..එකයි දෙකයි...තුනයි..මෙන්න වැඩක්...තාමත් ඒ ඇස් වලින් කතා කරනවා පේනවා...මම ඇස් පොඩි කරලා යාන්තම් කට ඇරගෙන එයා දිහා බලගෙන ඉන්නවා දැකලා එයා කළබලයෙන් වගේ ඇස් ආයිත් ඉපල් වෙච්ච අත්තක එල්ල ගත්තා...
 "මම සරදා..."
පුළුවන් උපරිම ශීලාචාර කට හඬකින් කිව්වත් එයා නිකමටවත් හලෝ කිව්වේ නැහැ...ආඩම්බරකාරයෙක්...මම එහෙම හිතන ගමන් ආයිමත් එයාගේ චිත්‍රෙට එබිලා බැලුවා...තාම පැන්සලින් කුරුටු ගානවා...ඉපල් අතු ගොඩක් හොදයි දරට..අම්ම දැක්කා නම් මේ චිත්‍රේ ලිපේ ගිනිබත් වෙනවා සිකුරුයි ...එයා මං දිහා බලලා හිනා වුනා...මමත් හිනා වුනා...එක්කෝ කතා කරනවාට වඩා හිනා වෙන එක හොදයි...අවස්තාව හැටියට අන්න එහෙමයි හිත හදා ගන්නේ...එයා පුංචි කඩදාසියක් අරගෙන මොනවද කුරුටු ගාන්න ගත්තේ ඒ වෙලාවේ... ලියන්නේ ෆෝන් නම්බරේ වෙන්න බැරිද කියලා හිතිලා කාට කොණකින් හිනාවක් ගියත් පුළුවන් ඉක්මනට හිනාව මකන කෑල්ලකින් මකලා දැම්මා...දැක්කොතින් නරක විදිහට හිතුවොත්...ඒ කඩදාසි කෑළ්ළ මගේ අත උඩින් පරිස්සමට තිබ්බ එයා එතනින් යන්න ගියේ චිත්‍රෙයි ඉතිරි බඩු ටිකයි අරගෙනමයි...මම එක සැරේම ඒ කොළේ ඇඟිලි වලින් පොඩි කරලා දැම්මා..ඊට පස්සේ පරිස්සමට දිග ඇරියේ නිධානයකට යන පාර ලියවිලා තියෙන සිතියමක් දිග අරිනවා වගේ පරිස්සමට...
හිස් කොළයක්!ඒක නිකන්ම නිකන් හිස් කොළයක්..එතකොට මේ මනුස්සයා කුරුටු ගෑවේ මොනවද...මම සහසුද්දෙන්ම මොනවදෝ කුරුටු ගානවා දැක්කත් එක්ක...මම ඒ කොළේ පුළුවන් තරම් ඈතට වීසි කළා.. ඒ කොළේ සුලඟේ ගහගෙන ඇවිත් ආයිමත් නතර වුනේ මගේ කකුළ් දෙක ගාව...මම ඒ කොළේ ආයිමත් පරිස්සමට අරගෙන බෑග් එකේ දා ගත්තා...

Comments

Popular Posts