ස්නේහයේ මුද්‍රාව තබමි


ඉඩවර අග්ගිස්සේ
 යක් මේපල් ගස් මස්තක වල
 ඕතමීය හාදු ගල් වී
ග්ලැසියර සිසිලක තනිවී
සමකයට වහාම පහළින්
 කඳුළු දූපතක කෙළවර
 කපු කටින මහාපාලි පරපුරේ
 අවශේශ පුරුකක්ව
 කපු නූල් වල
 කපු ඇඳුම් වල
 ස්නේහයේ මුද්‍රාව තබමි

 ගාබ්‍රියල්ගේ සුභාරංචියක
 දැහැන් ගත මරියා පරපුරේ
 වත්මන් ගැත්තියක වෙමි
 සිවුරු සන් හන්ස පියාපත් වල
 ඝර්මකලාපිය අරලිය සුවඳක් වෙම්
 නැවත නැවතත් හිම දියකරනෙම්
 හාදු අවුලුවන්නෙම්

Comments

  1. මචං කියන්න දෙයක් නෑ... කවිය ලස්සනයි..
    ඕතමීය හාදු, යක් මේපල් වටහා දියහැකිද

    ReplyDelete
    Replies
    1. ඕතමය-autumn season
      යක් මේපල්-මේපල් ගස් වර්ගයක්..
      ස්තූත්යි 😊

      Delete
  2. මේපල් ගස් ජාතියක් කියලා දන්නවා... එච්චර නිච්චි නෑ මොනවද කියලා...
    ලියන එක නතර කරන්න එපා...
    මම අදහස් දැම්මේ නැති වුණාට කියවනවා මචෝ...
    උඹේ ලියවිලි සුපිරියි...

    ReplyDelete
  3. ෂහ් වචන බර උනාට මොකෝ ලස්සනයි.................

    ReplyDelete

Post a Comment

Popular Posts