ගාලු පාර

තාර මත මාර තද බූට්ය
'ටක්' හඬින් බර වෙන
 අඩක් හිස් කවන්දයකි සිගරට්
 තරුණ තණ මත පුළුටු කවි දවන


උසැති අඩි තද වෙන්නේ හිතට
 ගාඩ්නියා සුවඳකින් කිතිකවන
 ගෑනු ලඟ ඇයි මේ තරම් සුවඳ
 තාර ගැල වුන තැනක් විමසන


ගාලු පාර ගාල්ලට පසුවත්
 තාර කළාලයක් එලා ඇත
 වෙලාවක් තිබ්බොතින් පැමිණෙන්න
 අතුරු පාරවල් අත වනනු ඇත


දා බින්දු වැටෙනවා පමණි
 දූලි වී අහසටම නගිති
 යාචක නිරුවත් කකුළ් හෙමිහින්
 කොණිත්තා ගිනි අව්ව නිදති


ගාලු පාර පණ තියෙන අමුතු සතෙකි
 හ්ම්ම් සද්දයක් පිට නොකරනා එකෙකි
 යනෙන අය සමසිතින් ඉවසන
 අමුතු තාලේ සෘෂි කෙනෙකි


ගාලු පාර
 සංසාර කතාවක්
 වතාවක් දෙකක්ම
 කාපට් කරන්
 වහගෙන ඉන්න හැටි!!

Comments

  1. ලස්සනයි අමා... ඒත් වේගෙ ටිකක් අඩු කරොත් නේද හොද....... නැත්තන් අපිට ඔයාගෙ ලස්සන කවි මගඇරෙනවා.

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  3. තාරකාව...මම වේගේ අඩු කරන්නම් :)
    දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete

Post a Comment

Popular Posts