පිළිවෙලට සීරුවට

මළානික සැඳෑවක,
අත්පොළසන් හඬක තාලෙට
 අහස ඇද හැලෙන හැටි පොළවට,


අතර මැද,
ඕනාවට එපාවට,
උගුර පාදන ගොර හඬ


නිදිකිරන පූසෙකි,
උළුවස්ස ලඟ
 දෝතින්ම මුහුණ දොවන


මම,
කහට වැඩි
 කිරි තේ කෝප්පය
 අතැතිව,
ඉස්තෝප්පු කෙළවරක,


හැමදේම,
කම්මැලි හිතෙන තරමට,
පිළිවෙලට සීරුවට!

Comments

  1. බොලේ එතකොටත් කම්මැලි හිතෙනවද?

    ReplyDelete
  2. මේ කම්මැලිකම දියවෙච්ච වැහි නිසාමයි කම්මැලි

    ReplyDelete

Post a Comment

Popular Posts