බලා ඉමි හමා එන තුරු සුවඳ


කඩින් කඩ සුසුම්ලන නුඹයි මේ වැහි කළුව
මදින් මද දියවෙලා තදින් හිත තෙමාලන
සෙමෙන් ඉකිලන කඳුළු වැහි වතුර වෙලා තව
වහින්නට හැකියි වෙයිද දිය කරන් මගෙ වෙහෙස

අඳුර ගුලි කරන් නුඹ පපු මතට
ගිරි මුදුන් අතැර එනු මැන මෙහෙට
ඉදින් මට හැකි වේවි රැඳෙන්නට
කදෝකිමි එළියක්ව දිළෙන්නට

මේ හමා එන මිතුරු සුලඟකට
අතහරිනු මැන නුඹෙ මකරන්ද
විඳින්නට හැර පියන් පත් මෙලෙස
බලා ඉමි හමා එන තුරු සුවඳ

නුඹෙ විසල් වැහි කඳුළු මට දෙන්න
මා මුවඟ මද සිනහ නුඹ ගන්න
මට හැකියි නුඹෙ කඳුළු පිසලන්න්න
නුඹ ඇවිත් උරහිසට බර වෙන්න

Comments

Post a Comment

Popular Posts