ඔබ වෙනස් වෙයි!

මම ගසක්ව,
දරා අතු අග ළදළු,
කුඩා මල් කිණිති,මී රස ඵල,
සිනහසෙමින් සුලඟට
බලා සිටියෙමි ඔබ දෙස,
වනපොත් කළෙමි ප්‍රේමය,
ඔබ කියා දුන් වචන මිහිරිය,
ප්‍රේමයෙන් බැඳුණු පසු
ඔබ සමඟ මා හද,
ඔබ වෙනස් වෙයි
ක්ෂණිකව!!




සුසුවඳ කොඳ මල් සහිත,
මෘදු මද පවනක්ව පැමිණ,
සිප බඳ කොමළතින් වැලඳ,
වසන්තය ලෙස ඔබ පැමිණි පසු ප්‍රියය!




දාහයෙන් දවා හද මන්දිර
තාරුකා පවා ගිනි ගත් විටක
ඔබ මවා මා අතු අතර ඵල
ගිම්හාන වෙස් ගත් පසුව ප්‍රියය!!




සදාකල් යැයි සිතූ මා පැතූ,
හරිත පැහැ පත් අතර මත් සිහින,
සත් වර්ණ ගෙන අතැර මා හර්ද,
ඔබය මේ සරතය, වර්ණවත් දුක් ගීය




ධවල පැහැ මළාණික මුලාවක,
කුඩා හිම පියල්ලක උණුහුමක,
මිඳුන නුඹෙ හද නැමති පොකුණ මත,
දකිමි ඉපත් අතු'තරෆ්‍රීසරමය හාදු,
සිසිරයකි ඔබ,ප්‍රියය!!




ප්‍රේමය ක්ෂණිකව වෙනස්ව
තව බොහෝ දෑ සිදුවෙන,
පෙම්වත,මම දනිමි,
ඉවසමි සහ දරාගමි,
වෙනස් වෙන ඔබේ ප්‍රේමය!


Comments

  1. කොන්කොඩ් ගුවන්යානා වලට බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete
  2. දරා ගන්නට පුළුවන් වුණා නම් කෙතරම් කදිමද? ඒත් බැහැ. නෙත් වලින් එළියට එනවා නෙව.

    ReplyDelete
  3. ක්ෂණිකව වෙනස්වන
    එලෙසම ඇතිවන
    ප්‍රේමය වූ කලී
    දැරීමට උගහටවන....

    ඒ තමා ප්‍රේමය
    වෙනස්වන එකම තමා
    ප්‍රේමය !!

    ReplyDelete
  4. ඔබ නොවෙනස්ව හිඳිනු මැන...

    ReplyDelete
  5. “ඉවසමි සහ දරාගමි,
    වෙනස් වෙන ඔබේ ප්‍රේමය! “
    වෙනස් වීම දරාගන්න ඉවසන්න පුලුවන්නම් ප්‍රේමය සදාතනිකයි

    පුළුවන් වෙලාවක අපේ පැත්තටත් ගොඩ වෙන්න “ මනස්ගාත සටහන් “ බලන්න , කියවන්න , විදින්න




    ReplyDelete

Post a Comment

Popular Posts