ඔබ පියාඹා යන්න!


මේ පියාපත් යුගල ඔබට
මෙතනින් පසුව
ඉගිල යනු පිණිස
මා අතැර



ඔබ ඉගිලෙනු ඇත දිනෙක
ප්‍රේමයේ උසම කඳු මුදුන
අත්හැර බියපත්ව,
දනිමි අහිමි බව
එතනි පසුව මම තනිව
කඳු මුදුන මත
තනිවන




මේ පියාපත් ඔබ ගන්න
විඩාවක් නැතිව ඉගිලෙන්න
නවාතැන් ගත හැකි
උස තුරක් මත නවතින්න,



ඔබ පියාඹා යන්න!

Comments

Post a Comment

Popular Posts